BREAKING NEWS
Search

ජන්දය වෙනුවෙන් පාසල්වලට ලැබෙන්න යන විශේෂ නිවාඩුව මෙන්න..

976
මේ කියන්න යන්නේ එළඹෙන පලාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් පාසල් සඳහා නිවාඩු ලබාදෙන ආකාරය ගැන ඇසෙන කතාවයි..
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතින් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැගිලි, අධ්‍යාපන විද්‍යාපීය සහ උසස් තාක්ෂණ ආයතන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ සියලුම පාසල් 2025.05.05 දින නිවාඩු ලබා දෙන අතර, 2025.05.07 දින පාසල් නැවත ආරම්භ කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු බවද එහි සඳහන්.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා පීධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේ දී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් එම ලිපියේ සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *