BREAKING NEWS
Search

ලංකාවම හෙල්ලූ තවත් ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

715

අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කුලසිං ලියනගේ පේමාල් ඉන්දික නම් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වනදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මියගොස් තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *