BREAKING NEWS
Search

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවෙක් ගැන ඇසෙන කතාව

367

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2025.03.21 වන දින මෙම අපරාධය සිදුකර තිබුණි.

ඒ අනුව මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු ඊයේ (24) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 33ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *