BREAKING NEWS
Search

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි

1368

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපතිවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් 19 දින නිකුත් කර තිබෙන අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ අද (23) දිනට පෙර අදාළ වාහනය ජනාධිපති කාර්යාලයට බාර දෙන ලෙසයි.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *