BREAKING NEWS
Search

බිරිඳ ඉදිරියේම වෙනකෙනෙකු සිපගත්ත සාලින්ද, හිතේ වේදනාවෙන් කරගත්තු වින්නැහිය…

685

සමහර යාළුවෝ බීගත්තම දුරදිග නොබලා කරන විහිළු අන්තිමට නතර වෙන්නේ හිතා ගන්නත් බැරි විදිහට.

ඒ විදියට තමන්ගේ බිරිඳ ඉදිරියේ සගයෙකුගේ තොල් සිපගත්ත හේතුවක් නිසා පුද්ගලයෙක් සියදිවි හානි කරගන්න ගිහින්.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ හෙම්මාතගම ප්‍රදේශයේ.

මේ විවාහක පුද්ගලයාගේ වයස අවුරුදු 33ක්. අවුරුදු දවසේ තිබුණු පුංචි සාදයකදි මත්වෙන්න බීපු මේ දෙන්නා ඒ වෙලාවේ ගෙදර මිදුල මැද ඉද්දි තමයි මේ විදියට තොල් සිපගෙන තියෙන්නේ.

මේ සිද්ධිය ඔහුගේ බිරිඳ වගේම එතන හිටපු තව දෙතුන්දෙනෙක් දැකලා තියෙනවා.

සාලින්ද කුමාර කියන එක්‌ දරු පියා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. සිද්ධිය දැකලා කෝප වුණු ඔහුගේ බිරිඳ මේකට ඔහුත් එක්ක රණ්ඩුවෙලා තියෙනවා.

කොහොමහරි අර තොල් සිපගත්ත සිද්ධියට සම්බන්ධ වුණු සගයත් මේ ගැන බිරිඳට තේරුම් කරලා දෙන්න ගියාම එයාටත් බිරිඳ හොඳටම බැනලා.

බීමත්කම හා හදිසි කෝපය හේතුකොට ගෙන ගෙලවැලලා ගැනීමට ගිය ඔහු බේරිලා තියෙන්නේ අනුනමයෙන්.

බීමත්කම වැඩිකම අන්තිමට පවුලක් විනාශ කරන්න ගියේ ඔන්න ඔය විදියට.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *