අසල්වැසි පවුලකට ඇය ගැන විවාහ යෝජනාවක් ගෙන එන්නේ නතාෂාගේ මවමයි.. ඔවුන් මිල මුදල් අතින් පොහොසත් පවුලක් වුණත් මනුස්සකම් අතින් ඒ තරම් හොඳ මිනිසුන් නෙවෙයි.. නතාෂා මේ ගැන දැනගෙනහිටියා..
මදුසමය සඳහා යුවල පිටත් වුණත් ඇය සිටියේ කිසිම සතුටකින් නම් නෙවෙයි.. ඇය මේ වෙනතුරුම සැමියා සමඟ හරියට කතා කළ දවසක් ගැන මතකයක් නැති තරම්.. එදා රාත්රියත් එසේමයි.. ඇය මුළුගැන්වී සිටී.. ඔහුට මේක මහා ප්රශ්නයක් වුණා.. ඒ ගැන ඇගෙන් විමසූවිය ඇය පැවසුවේ මෙහෙම කතාවක්..
ඔයා මගෙන් කැමතියිද කියලා වත් අහලාද විවාහ වුණේ..? අඩු තරමේ මගේ හැටිවත්, මං ආස කරන දෙයක් ගැනවත් ඔයා දන්නවාද..? ඔයාට ඕන වුණේ මාව බඳින්න විතරයි නේ.. දැන් ඒක කරගත්තා නේ මට කරදර කරන්න එපා.. පාඩුවේ ඉන්න දෙන්න..” “ඒයි… සද්දේ අඩු කරපන්…” ඔහු මහ හඬින් පැවසුවේ එපමණයි.. ඇය තිගැස්සුණා.. එතැන් පටන් ඔහු කළේ ඔහුට ඕන දේම පමණයි.. ඒ කිසිවකට ඇය එකඟ නොවන බව දැනුනු වහාම ඇගේ ඔළුව බිත්තියේ හප්පයි.. මෙය ඔහුට පුරුද්දක් වුණා.. නරුමයෙක් වගේ මනුස්සයෙක්..
හෝටල් කාමරය තුළට එන සේවකයන්ගෙන් ඇයට උදව් ඉල්ලන්න හිතුණත් ඒකටවත් ඇයට ඉඩක් ලැබුණේ නැහැ.. සල්ලි බලයත්, දුවව දකින්න තියන කැමැත්තත් මව කරපු මේ නොගැලපෙන විවාහය නිසා ඇගේ ජීවිතය අපායක් වෙන්න පටන් ගත්තේ මදුසමය දවසේ රාත්රියේදීමයි..
















