BREAKING NEWS
Search

ඩෑන්ට වෙඩි තියන්න කලින් සාදයේ සිටි අයෙක් එතනින් ගිහින්.. ඒ ගැන හෙළි වූ කතාව මෙන්න

1862
සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නාදුනන තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා..
පොලිසිය පැවසුවේ, වැල්ලම්පිටිය, ප්‍රදේශයේ ඔහුගේ බිරිඳගේ නිවසේ පැවැති සාදයකට සහභාගී වී සිටි අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම කර ඇති බවයි..
ඩෑන් ප්‍රියසාද් මෙවර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් කොළොන්නාව නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත්ව සිටියා..

මොහු සිය බිරිද සහ දරු තිදෙනා සමඟ ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස වෙත පැමිණ තිබුණා..

ඒ එම නිවසේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඥාතීන් කිහිප දෙනෙකුට සංවිධාන කර තිබූ මත්පැන් සාදයකට සහභාගී වීම සඳහායි..

සාදය පැවැත්වෙන අතරතුර යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු මහල් නිවාස සංකීරණය වෙත රාත්‍රී 9.00ට පමණ ඇතුළු වී තිබූ අතර එය සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා..

එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඩෑන් ප්‍රියසාද් වෙත වෙඩි තබා පලාගොස් තිබෙනවා..

සැකකරුවන් ඩෑන් ප්‍රියසාද් වෙත වෙඩි ප්‍රහාර 6ක් පමණ එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාර එල්ලවන ශබ්දයද සීසීටීවී කැමරාවේ පටිගතව තිබුණා..

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී ඔහු දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණා..

ඔහුගේ පපු ප්‍රදේශයට සහ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ..

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර ඔහු අද අලුයම ජීවිතක්ෂයට පත්වුණා.

ඩෑන් ප්‍රියසාද් සමඟ ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඉන් එක් අයෙක් සැකකරුවන් පැමිණීමට පෙර නිවසෙන් පිටව ගොස් තිබුණා..

ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් වැල්ලම්පිටිය පොලිසිය මේවනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *