BREAKING NEWS
Search

මම මියගියේ නැහැ. අපිට කරන්න තව වැඩ තියෙනවා – වීඩියෝව මෙන්න

1958

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ බලපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවද වාර්තා විය.

ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මිට කලින්ද ඔහු මිය ගිය බව සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා. එයට පිළිතුරු ලෙස ඩෑන් ප්‍රියසාද් මෙසේ වීඩියෝවක් එක් කර තිබුනා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *