BREAKING NEWS
Search

එක් අයෙකුට මරු කැදවූ කටානේ වෙඩි තැබීම ගැන තොරතුරු මෙන්න

655

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටාන පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි රොෂාන් පරණවිතාන නැමැති වයසඅවුරුදු 35 ක පමණ පුද්ගලයෙකි.

අදාල වෙඩි තැබීම සම්බන්ධ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මියගිය පුද්ගලයා විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමු රෝහලේ ප්‍රතිකාර ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මියගිය පුද්ගලයා මත්ද්‍රව ළඟ තබා ගැනීම සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන්  නඩු ගණනාවක් තිබෙන පුද්ගලයකු බවත් ප්‍රාදේශීය සභා අපේක්ෂකයා සමඟ කටාන කටියන ප්‍රදේශයේදි ඇතිවූ බහින් බස්වීමකින් අනතුරුව ඔහු පසුපස එළවා ගොස් පිහි පහරවල් කීපයක් එල්ල කර ඇති බවත් අනතුරුව සැකකාර අපේක්ෂකයා විසින් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

එම වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ නළලට පපුවට සහ උදර ප්‍රදේශයට වැදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාල ලද අපේක්ෂකයාගේ ශරීරයටද පිහි පාරවල් රැසක් එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *