එම තුවාලකරුවන් කොත්මලේ ප්රාදේශීය රෝහලට අද (22) අතුළත් කළ බවයි පූඬළුඔය පොලිසිය පවසන්නේ..
අනතුර සිදුවී ඇත්තේ පූඬළුඔය ප්රධාන මාර්ගයේ හෙරෝවත්ත ප්රදේශයේදී බවද පොලිසිය පවසනවා..
එම වතුයායේ ගොඩනැගිල්ලක් ඉදි කිරිම සඳහා කොන්ක්රීට් මිශ්ර වාහන දෙක ධාවනය කර තිබෙනවා..
එහිදී ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථය එම වතුයායට පිවිසෙන මාර්ගයට හරවනවාත් සමගම රථය රියදුරුගේ පාලනයෙන් මිදි පසු පස පැමිණෙමින් තිබූ කොන්ක්රීට් මිශ්ර ටැංකි සහිත ලොරි රථය මතට පෙරලී ඇති බවයි පැවසෙන්නේ…
මේ හේතුවෙන් කොන්ක්රීට් මිශ්ර (ready mix) ලොරි රථ දෙකටම බරපතල ලෙස හානි සිදුව ඇත් බව පැවසෙනවා…






















