BREAKING NEWS
Search

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වාර්තාවක්

6305

ලෝක වෙළෙඳපොළ ඉතිහාසයේ වැඩිම රන් මිල අද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක් දැක්වුණේ අමෙරිකානු ඩොලර් 3,498.02ක් ලෙසයි.

පසුගිය දින කිහිපයේම ක්‍රමිකව රන් මිල ඉහළ ගිය අතර, අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය මෙලෙස මිල ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්.

මේ අතර, මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 277, 000ක් දක්වා සහ කැරට් 22 රන් පවුමක මිල 255,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය මෙරටදී රන් පවුමක් සඳහා වාර්තා වූ වැඩිම මිල බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *