BREAKING NEWS
Search

පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කල ලොරියකට වෙඩි

251

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී  ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව අඩම්පන් පොලිසිය පවසයි.

පොලිසිය සන්තකයේ තිබූ රාජකාරී ගිනි අවියෙන් ටිපරයේ රෝදවලට වෙඩි ප්‍රහාර 4 ක් පමණ තබා ඇති බව පොලිසිය කියයි.

සැකකරුවන් කොටිකටුවිආරු රක්ෂිතයේ ඉඩමක නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදුකර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *