BREAKING NEWS
Search

අකාලයේ මිලින වූ රෝස මලක් ගැන ඇසෙන හද සලිත කරන කතාව

1417
අපි හැමෝම මේ නතරවෙලා ඉන්නේ තාවකාලික නවාතැන්පොළක..  ජීවිතය කියන්නේ මොන තරම් අවිනිශ්චිත දෙයක්ද..?
මිනිස්සු වෙච්ච අපිට නිතර දෙවේලේ මතක් නොවෙන්නෙත් අන්න ඒ කාරණයමයි..

ඇය ගොඩක් සුරූපී.. ඒ විතරක් නෙවෙයි මුවැත්තියක් වගේ අහිංසකයි.. අශානි කියන්නේ කාගේත් ආදරය දිනාගත්ත නව යොවුන් වියේ පසුවුණු තරුණියක්.. ඒත් දැන් ඇය වෙනුවෙන් , ඇයට ආදරය කළ සියලු දෙනාටම ඉතිරිව ඇත්තේ අශානිගේ මතකය විතරමයි..

ඇය මේ වගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙන්නට ඇතියි කියලා කවුරුත් කිසිම මොහොතක හිතන්නේ නැතුව ඇති..

ලියුකේමියා මාරයාට ගොදුරු වී ඇයට හුස්ම ගන්න ජීවිතයේ ඉතිරිව තිබුණේ මේ තරම් අඩු කාලයක්ද..?  අශානිගේ මව්පියන්, ඇයට ආදරය කරන පිරිස ඇයගේ ජීවිතය වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළේ දහසකුත් බාධා මැද වුණත් ඔවුන්ගේ හිතේ, ගතේ සවිය අශානිගේ ජීවිතය වෙනුවෙන් ගොඩක් කැපකිරීම කළා වගේමයි ප්‍රාර්ථනා කළා..

කොළඹගෙ ආර, මිරිස්වැල්පොත ගමේ පදිංචි වෙලා හිටිය මේ සිසුවිය තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තැනැත්තියක්.. කොළඹගෙ ආර ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන ඇය මේ වෙද්දී ජීවිතයේ තවත් එක් කඩයිමක් වෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සූදානම් වුණා..

ඒත් ඒ දහසකුත් බලාපොරොත්තු අත් හැර දමන්නට ඇයට සිදුවුණේ හදිසියේම හඳුනාගත් මේ රෝගී තත්වයෙන් පස්සේ ඇයට ජීවිතයත් මරණයත් අතර සටන් වදින්නට වුණු නිසයි.. කොහොම වුණත් මේ රෝගය වැළඳී මසක් පමණ ගතවෙන කොට ඇයට ජීවිතය හැරදා යන්නට සිදුවන්නේ අශානිට ආදරය කළ සියල්ලන්ගේම ජීවිතවලට හිස්තැනක් එක්කරමින්.. එය ඇගේ නිසල දේහය ළඟ ඇසි පිය නොහෙලා බලා සිටි පුංචි සහෝදරයාගෙන් පවා පැහැදිලි වන්නක්.. ඔහු තවමත් බලා සිටින්නේ තමන්ගේ අක්කා ඇස් හැර තම දෙස බලාවිදෝ යන අධිශ්ඨානයෙන් වන්නට පුළුවන්..

ඒත් ඒ සියල්ලම කාලයත් එක්ක හිතාගන්න බැරි විදිහටම වෙනස් වෙලා.. පාසලේ කැපී පෙනෙන ආදරණීය චරිතයක් වුණු ඇය ගැන සමාජමාධ්‍ය පිටු අතරත් විවිධ සටහන් පළවුණා.. මේ ඒ අතරින් හද කකියන තවත් එක් සංවේදී සටහනක උපුටා ගැනීමක්.. ඉතින් නැවතන් උපනූපන් කිසිදු ආත්මයක තවත් මේ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න ඇයට අත් නොවේවා.. ඇය වෙනුවෙන් මේ මොහොතේ පතන්නට ඉතුරුව ඇත්තේ එවන් ප්‍රාර්ථනයක් පමණක්මයි..

“මටත් කවා බත් ටික කෑ මගෙ අක්කේ
කිමද අනේ මේ ලෙස වැතිරී ඉන්නේ
බුදු පහනත් නිවී ගිහින් අපෙ නිවසේ
මේ හැටි සෙනග ඇයි කියලා නෑ දන්නේ
දැවටී මගෙ ලග හැමවිට කුලුණු සිතින්
දුන්නා සෙනෙහෙ ගග නුඹ අම්මා විලසින්
රැකගෙන මාව ගුණ දම් පවසා මුවගින්
සිටිය මගේ අක්කේ ඇයි තව නින්දෙන්
සතුටු සිනා පිරි ගියපු පැල්පත අද අඳුරු වෙලා
ඉදිකඩ ළඟ ඔයා හදපු රෝස මලුත් පරව ගියා හිස සිඹලා ආදරයෙන් ඔයා මගෙ පණ කියලා ළගට එන්න අක්කේ අද හීනෙට එනවාද ඔයා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *