BREAKING NEWS
Search

කැබ් රථයක් පෙරලී 8ක් රෝහලට

182

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් අද අනතුරට පත්ව තිබෙනවා..

එම අනතුරෙන් කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ..

රාගල උඩුවාමාදුර ඥාති නිවසකට පැමිණි පිරිසක් ආපසු සියඹලාණ්ඩුව දක්වා ගමන් කිරිමේදි වලපනේ නිල්දණ්ඩාහින්න අඹන්වැල්ල ප්‍රදේශයේදි කැබ් රථය මාර්ගය හරහා
පෙරලී මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ…

ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ තිරිංග ක්‍රියාත්මක විම නිසා කැබ් රථය නතර කර ගැනීමට රියදුරා කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට
සලස්වා ඇති අතර, එම අවස්ථාවේ කැබ් රථය කන්දේ ගැටී ප්‍රධාන මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා..

අනතුර පිළිබද වලපනේ තිරිපැහැ පොලිසිය පරික්ෂණ සිදුකරනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *