BREAKING NEWS
Search

ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයා ගැන ඇසෙන සංවේදී කතාව

1413

ගලබඩ, දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන් වී ඇතැයි නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ නාවලපිටිය, වෙස්ටෝල්, ඇතටන් ප්‍රදේශයේ පදිංචි විජය කුමාර් ජැක්සන් (20) නැමැති තරුණයෙක්.

අතුරුදහන් වු තරුණයා ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග (17) දින උදෑසන එහි ගොස් තිබෙනවා.

සිය නිවැසියන්ට නොදන්වා ගලබඩ දිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් මොවුන් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ තිබෙන බවද පැවසෙනවා.

එසේ පැමිණ දියඇල්ල අසල අනාරක්ෂිත ස්ථානයකින් දිය නෑමට ගොස් දියේ ගිලි අතුරුදහන්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අතුරුදහන් වු තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලවිසැලක සේවය කරන බවයි පැවසෙන්නේ.

ඔහු සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර, පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කළද සිරුර සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.

ඒ නිසා සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *