BREAKING NEWS
Search

කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්

375

කැකිරාව  මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.

ලද තොරතුරක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකළ සොදිසියකදී අදාළ මළසිරුර සොයා ගෙන තිබේ.

ගිණි ඇවිලීමෙන් අදාළ කාන්තා මළ සිරුර බොහෝ දෙයින් දැවී පිලිස්සී තිබේ.

මිය ගොස් ඇත්තේ කැකිරාව මැදවැව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 40 වැනි වියෙහි පසුවූ  තිදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබේ. මිය ගිය එම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ රජයේ රෝහලක රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක වන බවට ද පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *