BREAKING NEWS
Search

ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

413

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙසේ ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වී ඇත්තේ නාවලපිටිය වෙස්ටෝල් ඇතටන්  ප්‍රදේශයේ පදිංචිව සිටි විජය කුමාර් ජැක්සන් (20) තරුණයෙකි.

අතුරුදන් වු තරුණයා ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමඟ ඊයේ (17) දින උදෑසන නිවැසියන්ට නොදන්වා ගලබඩ දිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත.

අතුරුදන් වු තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර, පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *