ග්‍රීස් ගහෙන් වැටී මිය ගිය සිසුවා ගැන ඇසෙන සංවේදී කතාව

7622

ගාල්ල පිටිගල අමුගොඩ  ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද (  17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ  අඩි 40 ක්  පමණ උසින් යුත්  ග්‍රීස් ගසෙහි  ඉනිමගක ආදාරයෙන් ග්‍රීස් ආලේප කරමින් සිටියදී ඉන් ඇද වැටී වයස අවුරුදු 16  පාසල් සිසුවකු  මියගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අමුගොඩ මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි  කාරියවසම් කනත්තගේ චේතන නිවන්දන නම්  කැල්පත දෙණියවත්ත ප්‍රදේශයේ  පදිංචි දරුවෙකි.

සිද්ධියෙන් අනතුරුව එම දරුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *