වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දේශීය අදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්…

432

වැට් බදු සංශෝධන පනතට අනුව සියයට 50 ක් දේශීයව නිෂ්පාදනය කරන ලද දියර කිරි, යෝගට් මෙන්ම විදුලි ජනනය සඳහා ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළේ, අප්‍රේල් මස 11 වන දින සිට මෙය ක්‍රියාත්මක බවයි.

ඊට අමතරව වාණිජ අරමුණ සදහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලු පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝෂධන පනතේ ලියාපදිංචි වීම ද අනිවාර්ය කර තිබෙනවා.

වැට් හෙවත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කරනු ලැබුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *