පානදුර වෙරළේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු මුහුණ දුන් ඛේදනීය ඉරණම

248

පානදුර වෙරළ තීරයට පැමිණි පිරිසක සිටි පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙම පිරිස ඊයේ (16) සවස පානදුර වෙරළේ දිය නාමින් කාලය ගත කර ඇති අතර, නිවැසියන් එක් ස්ථානයකද දියේ ගිලි අතුරුදහන්ව ඇති සිසුන් දෙදෙනා වෙනත් ස්ථානයක දිය නාමින් සිට ඇති බවට සඳහන්.

එම පිරිස වෙරළ තීරයෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ මෙම දරුවන් දෙදෙනා නොමැති බව දක්නට ලැබී ඇති අතර, දරුවන් දෙදෙනා පිළිබඳව විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ එම දරුවන් දෙදෙනා දියේ ගිලී ඇති බවයි.

මෙසේ දියේ ගිලී ගොස් අතුරුදහන්ව ඇත්තේ බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉර්ෆාන් මොහම්මත් නැමැති බණ්ඩාරගම අටලුගම ගස්සාලි මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියෙ ඉගෙනුම ලබන සිසුවෙක් සහ යාසිර අරෆාත් මොහොමඩ් අහමඩ් නැමැති මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වත්තල කාන්ති මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක්.

එම ස්ථානයේ සිටි බැකෝ යන්ත්‍රයක් ක්‍රියා කළ පුද්ගලයකු ප්‍රකාශ කර ඇත්තේ, එම දරුවන් දෙදෙනා වෙරළේ දිය නාමින් සිට ඇති අතර එක් සිසුවෙක් රළ පහරට හසු වී දියඹට ගසාගෙන යන සිද්ධිය දුටු අනෙක් සිසුවා දියඹේ ගසාගෙන යන සිසුවා බේරා ගැනීමට යෑමෙන් ඔවුන් දෙදෙනාම ගසාගෙන ගොස් ඇති බවයි.

ඔවුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *