ඔහු අවිවාහක පුද්ගලයෙකි.
වයස අවුරුදු 45 ක් පමණ වූ මහරගම ප්‍රදේශයේ ප්රකටව සිටියේ විනෝදයට බර පුද්ගලයෙකු ලෙසටයි. නිතරම සරම හැඳ ගමන් බිමන් යන්නා මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබෙන බව බොහෝ දෙනාට රහසක් වුනේ නැහැ.
ඔහු අවිවාහක පුද්ගලයෙකි.වයස අවුරුදු 45 ක් පමණ වූ ඒ ප්‍රදේශයේ ප්රකටව සිටියේ විනෝදයට බර පුද්ගලයෙකු ලෙසයි..
අනියම් පෙමේ , ස්වාමි පුරුෂයා දැනට විදෙස් ගතව රැකියාව සිදු කරන අතර ,ඒ නිසාම ඇය මව පියා සහ බාල සහෝදරයන් සමඟ මහ ගෙදර වාසය කරනවා.
මෙම මැදි වයසේ පුද්ගලයා බොහෝ අවස්ථාවල මහ රෑ මෙම නිවසට හොරෙන්ම පැමිණීම පුරුද්දක් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගියදා ද ඔහු මෙලෙස පැමිණ ඇති අතර තාප්පයෙන් එහා පැත්තට පැන වත්තට ඇතුල් වීමට උත්සාහ කොට තිබෙනවා.
එහෙත් හැඳ සිටි සරම නිසා ඔහු බිම ඇද වැටී ඇත්තේ එක්වරමයි.මෙම ශබ්දය කුමක්ද යන්න සොයා බැලීම සඳහා නිවසේ නිදා සිටි අනෙක් අය මිදුලේ ලයිට් දමා ඇති අතර ඒ සමඟම කලබල වූ ඔහු යළිත් ඉක්මනින්ම තාප්පයට නැග අනෙක් පසට පැන තිබෙනවා.
එහෙත් ඒ සමඟම සරම පැටලී තිබෙන අතර සරම ගැනීමට උත්සාහ කිරිම නිසා තමාට පලා යාමට වෙලාවක් නොමැති බවටයි ඔහුට වැටහී ඇත්තේ.
එම නිසා සරම තාප්පයේම තිබෙන්නට ඉඩ හැර ඔහු නිරුවතින්ම අනෙක් පාරේ ඇති තම නිවසට දුව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න නිවැසියන් හඳුනාගෙන ඇති අතර ,අදාල කාන්තාවටද ඇගේ පියා විසින් දැඩි ලෙස අවවාද කරමින් කියා ඇත්තේ,මෙම සම්බන්ධය වහාම නතර කරන ලෙසට ඉල්ලා සිටිමින්.
උපුටා ගැනීම මුහුණු පොතෙන්


















