BREAKING NEWS
Search

මහියංගනය සහ ගම්පහ වෙඩි තැබීම් ගැන එලියට ආ අලුත්ම කතාව

230

මහියංගණය දොඩම්වත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීම සහ ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ මහියංගණය වෙඩි තැබීම සිදු කර ඇත්තේ පසුගියදා සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස බවයි.

ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළ අසල ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබුණේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ඉලක්ක කර ගනිමින්.

ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් දෙදෙනාට තුවාල සිදු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ ඉන් එක් අයෙකු ටැටූ ගැසීමේ ව්‍යාපාරයක් සිදු කරගෙන ගිය අයෙක්.

RUWANI R RUWANI නැමැති මැසෙන්ජර් ගිණුම හරහා තමන්ට පච්චයක් කොටා ගැනීමට අවශ්‍ය බවට ලැබුණු පණිවුඩයක් මත ඔහු අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ සිය මිතුරෙක් සමගයි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ එම අවස්ථාවේදී වන අතර අදාළ ලොරි රථයට පමණක් අලාභ සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර මහියංගණය දොඩම්වත්ත ගෙවල් 20 ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

වෙඩි වැදීමෙන් 45 හැවිරිදි එම ප්‍රදේශයේම පුද්ගලයෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුගියදා දොඩම්වත්ත ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදී තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *