BREAKING NEWS
Search

අයෙකුට මරු කැදවා 26 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු අනතුර ගැන ඇසෙන කතාව

36

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී  බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන්  සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි .

මාවනැල්ල සිට වන්දනා නඩයක් රැගෙන පැමිණි මෙම බස් රථය ත්‍රිකුණාමලයේ දෙසට ගමන් කරද්දී කැබ් රථයට ඉස්සර කිරීමට යෑමේදී කැබ් රථයේ එක් පැත්තක ගැටී ඉදිරියට ඇදී ගිය බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ මුහුණට මූණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ .

ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව තුවාලකරුවන්  කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය අයගේ මෘත ශරීරය කන්තලේ රෝහලේ තබා තිබේ.

බස් රථය අනාරක්ෂිත ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *