හාලි ඇල කලබමින් තරුණයන් දෙදෙනකුගේ මල සිරුරු හමුවෙයි

34

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල අසල පහළ කානුවක තිබු එක් පිරිමි මළසිරුරක් සහ හාලිඇල දුම්රිය ස්ථානයට යන මාර්ගයේ විහාරස්ථානයක් අසල මාර්ගයේ තිබි අනෙක් මළසිරුර මෙලෙස ලැබුණු තොරතුරක් මත පොලිසිය සොයාගෙන තිබේ.

මෙම අභිරහස් තරුණ මළසිරුරු දෙක මෙතෙක් හදුනාගෙන නොමැති අතර , පිටපලාතක සිට ඝාතනය කර මෙම ස්ථානය ට ගෙනවිත් දැමුවාද, නැතිනම් මෙහිදී ඝාතනය ට ලක්වූවාද යන්න සොයා පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් පොලිසිය පැවසීය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *