එහිදී යතුරු පැදිකරු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ..
මෙලෙස තුවාල ලබා ඇත්තේ 29 හැවිරිදි බියගම – හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්..
අපරාධ මර්දන මෙහෙයුම්වල නිරත ව සිටි පොලිස් නිලධාරීන් අදාළ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසළ සැකකටයුතු ලෙස රැදී සිටි මෙම පුද්ගලයා දැක තිබෙනවා..
පසුව යතුරුපැදියට නැග ඔහු එම ස්ථානයෙන් පළා යාමට උත්සහ කර ඇති අතර එහිදී නතර කරන ලෙසට ඔහුට අණකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ..
එහෙත් අණ නොතකා පළා යාමට තැත් කළ සැකකරුට පොලිසිය වෙඩි තබා තිබෙනවා..
ඔහුගේ ශරීරයේ පිටුපස ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කළේ..


















