රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
මැතිසභා කමිටු තීරණවලට පණ දෙන්න මාසයක් කල්දෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) යන කාරක සභාවලින් ලබාදී මෙතෙක් ක්‍රියාත්මක නොවුණු සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව ඊයේ (9) නියෝග කළේය.
මේ අතර මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී දුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි එම කාරක සභාවේදී ඊයේ (9) තොරතුරු අනාවරණය විය.
මෙම තොරතුරු අනාවරණය වූයේ එම කාරක සභාව එහි සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.




















