රටම කතා කළ සත්සරගේ මරණය ගැන ඇසෙන තවත් වෙනස් විදිහේ කතාව මෙන්න

61
ඔහුගේ මරණය ගැන බොහෝ දේ අහන්න ලැබුණා… ඒ එක්කම මේ මරණය සිදුවුණේ කොහොමද කියන එක බොහෝ දෙනෙක්ට ප්‍රශ්නාර්ථයක් ඉතිරු කළ යමක් වුණා..
සත්සර නිමේෂ්, වයස අවුරුදු 26ක් වන මේ කඩවසම් තරුණයාගේ මරණය පිටුපස ඇත්තේ මොන වගේ කතාවක්ද..?

පසුගිය පළමුවනදා රාත්‍රියේ රාජගිරිය – නාවල පාර, ශ්‍රී රතනජෝති මාවතේ නිවසකට ඇතුලු වූ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 තරුණයෙකුයි මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණේ..

ඔහු පොලිසියට රැගෙන ඒමේන් පසු කලහකාරි ලෙස හැසිරී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

අනතුරුව අදාළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම නිසා ඔහු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන් වෙන්නේ.. කෙසේ වෙතත් ඒ සිද්ධිය ගැන අද ඇසුණේ මෙන්න මේ වගේ කතාවක්..

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ එම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා..

අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මෙම නියෝගය නිකුත් කළා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *