BREAKING NEWS
Search

ඔය වගේ කතා කියන්න එපා.. එයාගේ පරණ හැම සම්බන්ධයක් ගැනම මම දන්නවා

35

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හැවිරිදි පුද්ගලයෙක්.. ඉතා කඩවසම් පෙනුමක් තිබ්බ ඔහුට කාන්තාවන් ආකශණය වුණේ ඉබේටම වගෙයි..
ඒ නිසා ඇයත් ඔහුට වශී වෙන එක හරිම සාමාන්‍යයි.. කොහොම හරි කාල‍යක් තිස්සේ පැවති හාදකම ආදරයක් බවට පත් වෙන්න ඒ දෙන්නට වැඩි කාලයක් ගියේ නැහැ.. ඉතින් පස්සේ ඒ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා..

ගොඩක් දෙනෙක් ඒ විවාහය ගැන එක එක කතා කිව්වත් ඇය ඇගේ සැමියා ගැන තදින්ම විශ්වාස කළා.. ඔහුගේ ආදර වෙනස් නොවේවි කියලා ඇය ඒ හැමෝටම කිව්වේ හරිම උජාරුවෙන්..

“එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා මට විශ්වාසයි.. ඒ නිසා ආයේ ආයේ ඔය වගේ කතා කියන්න එපා.. එයාගේ පරණ හැම සම්බන්ධයක් ගැනම මම දන්නවා.. ”

තමන්ගේ සැමියා මේ වගේ කෙනෙක් කියන එක ඇය විශ්වාස නොකළත් කලක් යද්දී ඔහුගේ යම් යම් වෙනස්කම් බිරිඳට තේරෙන්න ගත්තා.. ඒ නිසා ඇය දැන් වෙනදාට වඩා ඔහු ගැන සැලකිලිමත්… ඒ අනුව දවසක් ඔහු ගැන ලැබෙන ආරංචියකින් බිරිඳ පුදුමයට පත් වෙනවා..

ඒ තමගේ සැමියා රාජකාරිය කරන තැන තරුණියකට කළ බලහත්කාරකමක් ගැනයි.. ඇයට අසභ්‍ය වීඩියෝ පෙන්වා එවැනි විකෘති හැසිරීම්වල යෙදෙන්නට ඔහු මේ කාර්යාල සගයාට කතා කරලා තියෙන්නේ දින කිහිපයකට කලින් සිටයි.. ඇය ඒවාගේ හඬපට තබාගෙන ආයතනයේ මානව සම්පත් අංශයට ඒවා පෙන්වා තමන්ට ඇති මේ කරදරය ගැන පවසා තිබුණා.. ඇගේ ඒ ඉදිරිපත්වීමත් එක්ක එම ආයතනයේම තවත් තරුණියන්ගෙන් මොහු ගැන පැමිණිලි ගලා එන්නට පටන් ගෙන..

අවසානයේ ඔහුව රැකියාවෙන් නෙරපන්න ආයතනය පියවර අරගෙනලු.. සැමියාගේ මෙම සිදුවීම දාමයෙන් පස්සේ බිරිඳට ඇතිවුණේ ලොකු දුකක් වගේම කලකිරීමක්.. කල්පනා කරමින් දිගුකලක් සිටි ඇය ඒ නිසා දැන් ඉන්නේ අසනීප තත්වයකලු..

එලෙස සැමියා ගැන කල්පනා කරලා අසනීපවූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ද ලබාගෙන ඇත්තේ කලකිරීමට වුණත් ඇය දැන් සිටින්නේ සමාජයට පවා මුහුණදීමට නොහැකිවයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *