BREAKING NEWS
Search

ඔච්චරටම කිරි ඕනේ නම් මනමාලියෝ මොකටද? එළදෙනක් බැදගත්තා නම් හරිනේ” – මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ…

1119

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය.

එහෙත් එහිදී කතාබහට ලක්වූ කිරි පිටි ප්‍රශ්නයක් නිසා මනාලිය මේ විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

ඇය අගනුවර විදේශීය ආයතනයකට සම්බන්ධ ගිණුම් ලිපිකාරිණියකි.
විවාහ අපේක්ෂිත තරුණයා ප්‍රදේශයේම ආයුර්වේද වෛද්‍යවරියකගේ පුතෙකි.
එදින නිවසට ඒමෙන් පසු තේ පැන් සංග්‍රහයකින් ප්‍රබෝධමත් වී දිවා ආහාරයද ගැනීමට පෙරාතුව දෙපිරිස අතර සුහද සංවාදයක් ඇතිවිය.
දැනට පවතින ඉන්ධන ගැටලු හා සීනි කිරිපිටි ගැටලුවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයුර්වේද වෛද්‍යවරියක වූ යෝජිත මනාලයාගේ මව කීවේ කිරිපිටි මිල ඉහළ දැමීම ගැටලුවක් නොවන බවය.
”මට දරුවො හතර දෙනයි. මේ ආවෙ බාලයා. මේ දරුවො හතර දෙනාටම මම එකම පිටි කිරි හැන්දක් පොවල නෑ. ඉස්කෝලෙට යන තුරුම මව් කිරි දුන්නෙ. දැන් ඉන්න අම්මලා මව්කිරි කළඳක් නොදී ඇඟපත හදා ගන්න බලනව. බොරු සෝබනේ” කීවේ  තරමක කෝපයෙනි.
කවුරුත් මේ කතාව හිස වනමින් අනුමත කළත් මේ කතාව හොරෙන් අසා සිටි යෝජිත මනාලිය ඔවුන් ගිය පසු කීවේ ”ඒ අම්මට දරුවන්ට කිරි දිදී ඉන්න ඕන නං පුතාට එළදෙනෙක් බැඳගන්න කියන්න.” කියාය.
(තිහගොඩ උපසේන ලියනගම)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *