රු මුණුපුරන් සිටින මැදිවියේ විවාහකයෙක් වූ මෙම පුද්ගලයා ගම්මුන් පවසන ආකාරයට තෙවැනි හා පස්වැනි සිල්පද නිතරම කඩන්නෙකි.
කිහිපවරක්ම ඇය හමුවී ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළත් ඇය සිනහමුසු මුහුණින් එය බැහැරකළේ තමාගේ හා එම පුද්ගලයාගේද ආත්ම ගරුත්වය පිළිබඳ සිතමිනි.
රාත්‍රී කාලයේදී කුඹුරේ වතුර බැඳීමට ගොස් ආපසු එන අතරතුරදී කීපවිටක්ම හෙතෙම ඇයගේ නිවසේ දොරට තට්ටු කර එය ඇර ගැනීමට උත්සාහ කලත් කාන්තාවගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් නොලැබිණි.
දින කිහිපයක්ම කළ උත්සාහයන් ගඟට කැපූ ඉනි සේ වෙද්දි ඇයගේ නිවෙසේ දොර විවර කර ගැනීමට ඔහු අපූරු උපායක් යෙදුවේය.
ගමේ ගොනුන්ගේ ගෙල බඳින ටකයක් සොයාගත් ඔහු දිනක් රාත්‍රියේ එය හඬවමින්, ගවයෙකු සේ තප්පු ලමින් ඇගේ නිවස වටා කැරකෙන්නට වූවේ උපාය ක්‍රියාවේ යොදවමිනි.
එම උපාය සාර්ථක විය.
ඇය ලාම්පුවක් ද අතැතිව නිවසේ දොර විවර කර එළියට බැස්සේ “මේ හරක් මගේ මයියොක්කා ගස් ටික කන්න අදත් ඇවිදින්” යැයි කියමිනි.
මේ අතර නිවස ඉදිරිපස සැඟවී සිටි මොහු වෙර යොදා කාන්තාව බදාගත්තේ ඇයට සෙලවීමට පවා ඉඩක් ලබා නොදෙමිනි.
නමුත් ශක්තිවන්තියක වූ ඇය ඔහුව තල්ලු කොට නිවසට වැදී දොර වසා ගත්තේ කලක් හිතේ සඟවාගෙන සිටි අමු සිංහල වදන් කීපයකින්ද සංග්‍රහ කරමිනි.


















