BREAKING NEWS
Search

අඹුසැමි යුවලක් ගමන් කළ ස්කූටරයක් මතට ගසක් කඩා වැටෙයි..

684

අඹුසැමි යුවළක් ගමන් ගත් ස්කූටරයක් මතට කැස්බෑව බටුවන්දර පාසල් මාවත අසලදී විශාල කොට්ටන් ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කැස්බෑව පොලිසියකියයි.

තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවළකි.

අඹු සැමි යුවල බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට යතුරු පැදියෙන් කැස්බෑව දෙසට යමින් සිටියදී   බටුවන්දර පාසල් මාවත අසල දි එකවරම යතුරුපැදිය මතට ගස කඩා වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ගසට යට වී සිටි අඹුසැමි යුවල ප්‍රදේශවාසීන් එක්වී  පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙනඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *