BREAKING NEWS
Search

දුවගේ පෙම්වතා පොලීසියේදී ගැහැණියක් වෙලා… – රත්නපුරෙන් ඇහෙන පුදුම හිතෙන කතාව

48

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හෝටලයක සතියක කාලයක් පෙම්සුව විඳ පැමිණි යුවළක පෙම්වතා පොලීසියේ දී ගැහැනියක් බව හෙළිදරව් වීමේ සිද්ධියක් රත්නපුරයෙන් වාර්තා වෙනවා.

තරුණ විවාහක යුවළක් අතර ඇතිවූ අඩදබර හේතුවෙන් කලකිරීමට පත් බිරිය කොළඹ ප්‍රදේශයකට ගොස් තාවකාලිකව රැකියාවක නිරතව තිබේ.

එහිදී හමු වූ පෙම්වතෙකු සමග මෙම කාන්තාව පෙම් සම්බන්ධතාවක් ඇති කර ගත්තාය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් සති අන්තයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක දෙදෙනා සතියක් පමණ කාලයක් ගතකර ඇත.
මේ අතර සැමියාගෙන් වෙන්වී කොළඹ ගිය දියණිය ගැන ආරංචියක් දැනගැනීමට නොමැතිව සිටිය දී ඇය අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ඇගේ මවට දැන ගැනීමට හැකි වී තිබේ.
එහි ගිය මව දියණියත් ඇගේ පෙම්වතාත් සමග තම නිවසට පැමිණි අතර දියණියගේ අලු‍ත් පෙම්වතා ගැන සැක කළ මව පොලීසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළාය.
දෙදෙනා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේ දී හෙළිදරව් වූයේ දියණියගේ අලුත් පෙම්වතා ලෙස මෙතෙක් කලක් හැසිරී ඇත්තේ පිරිමියකුගේ වෙස්වලාගෙන සිටි කාන්තාවක බව ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *