BREAKING NEWS
Search

රටම කම්පා කරමින් වැලිකඩ පොලිස් භාරයේ සිටියදී අවසන් හුස්ම හෙළු, සත්සර නිමේෂ් ගැන අලුත්ම ආරංචියක්…

37

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා.
මෙලෙස මියගොස් තිබුණේ බදුල්ල මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි සත්සර නිමේෂ් 26 තරුණයායි.

ඉකුත් 01 වෙනි දින මෙම තරුණයාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාවල ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු විම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලද පණිවිඩයක් අනුවයි.

පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව එම පුද්ගලයා කළහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පොලිසිය විසින් තරුණයාවට මානසික රෝහල වෙත යොමු කර තිබු අතර එයින් පැය කීපයකට පසු තරුණයා මියගොස් තිබුණා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සහ රෝහල් ගත කිරීමෙන් පසු සැකකරු මේ යාමේ සිදුවීම සම්බන්ධව වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම විමර්ශන පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *