BREAKING NEWS
Search

නිහඩව සිටි පියුමි හංසමාලි කට අරි. හැමෝටම රිදෙන්න කිව්ව කතාව මෙන්න

48
පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.. ඇය ගැන පසුගිය දවස්වල ගොඩක් කතා මැවුණා..

ඉතාමත් සුවපහසු ජීවිතයක් ගත කරන ඇයට මේ තරම් මුදල් හිමි වෙන්නේ කොහෙන්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් තබාගෙන අලෙවි කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා…

ඇය විසින් අදාළ ක්‍රීම් වර්ග අලෙවි කරන ආයතන දෙකකින් රුපියල්, 2000, 3000, 5000, හා 6000ක මුදලකට මිලදී ගෙන ඒවා නැවත ඇසුරුම් කර අලෙවි කර ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා..

අදාළ අයාතන දෙකෙහි සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වී ඇති අතර, මෙලෙස අඩුමිලට ලබාගන්නා ආලේපන වර්ග ඇය විසින් ඇසුරුම් කර රුපියල් විසි අට දහසේ සිට තිස් තුන්දහසක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවත් ඇය විසින් ව්‍යාපාර නාම හතරකින් ලියාපදිංචි කර මෙම ව්‍යාපාරය සිදුකර ඇති බවත් හෙළිකරගෙන තිබෙනවා..

මේ පිලිබදව පියුමි තම යුටියුබ් නාලිකාවට මෙවැනි කතාවලට පිළිතුරු සපයා වීඩියෝවක් එක් කර තිබෙනවා. එහි මෙසේ පවසා තිබෙනවා.

මේ දවස් වල කතාවක් යනවා කොටුවේ ක්‍රීම් මම අරගෙන විකුනනවා කියලා. මම කොටුවේ ක්‍රීම් පාවිච්චි කරන්නේ නෑ. මම මගේ අම්මට ඒ වගේ ක්‍රීම් පාවිච්චි කරන්නේ නෑනේ. මම මගේ අම්මට දෙන්නේ හොදම දේ. මට පේජ් වලින් ගහනවා මම කොටුවේ ක්‍රීම් විකුනනවා කියලා. මම දාන දේවල් වලට 2000 ට දෙන්නේ කොහොමද?

මම කොලිටි දේවල් තමයි පාවිච්චි කරන්නේ. මම මගේ ස්කින් එකට මාරම ආදරෙයි. මම ජරා ක්‍රීම් කොහොමත් පාවිච්චි කරන්නේ නෑ. මිනිස්සු මට බනිනවා අඩුවට අරගෙන වැඩි ගානකට විකුනනවා කියලා. ඒ මගේ බ්‍රෑන්ඩ් වැල්යු එක.

මම කොහොමත් වැටෙන්නේ නෑ. 35000 කට වැඩි ප්‍රමාණයක් මගේ ක්‍රීම් අරගෙන තියෙනවා. මේවා ඔප්පුවෙලා තියෙනකොටත් මම දන්නේ නෑ ඇයි මාවම අල්ලාගෙන මඩ ගහන්නේ කියලා. කළු සල්ලි කිව්වා. මං ලග එහෙම සල්ලි නෑ.

කොහොමත් මම වැටෙන්නේ නෑ. මට ගහන ගල් අරගෙන මම මාලිගාවක් හදා ගන්නවා

 

May be an image of 1 person

 

May be an image of 1 person, smiling and jewelry

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *