පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් බිරිඳ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් රත්තොට පොලිස් වසමේ කයිකාවල ඉසුරුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ඝාතනයට ලක්වී ඇති බිරිඳ සහ ඝාතනය සිදුකළ බව කියන සැමියා යන දෙදෙනාම මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයින් බවද වාර්තා වෙයි.
ඔවුන්ට පාසල් යන වයසේ දරුවන් (දුව 11 – පුතා 13) දෙදෙනෙකු ද සිටින අතර අද (22) අලුයම 5ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.
ඝාතනයෙන් පසු සැඟව සිටි සැකකාර සැමියා රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රත්තොට පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



















