BREAKING NEWS
Search

ලෝක ප්‍රකට බොක්සින් ශූරයෙකු ජිවිතක්ෂයට

38

ලෝක ප්‍රකට බොක්සින් ශූරයෙකු වන ජෝර්ජ් ෆෝමන් මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දරුවන් 12 දෙනෙකුගේ පියෙකු වන ඔහු මිය යන විට 76 වන වියේ පසු වුණ බවයි.

1973 වසරේ පැවති පළමු ලෝක හෙවිවේට් බොක්සින් ශූරතාව ඔහු දිනා ගෙන ඇති අතර අනතුරුව 1994 පැවති දෙවන ලෝක හෙවිවේට් බොක්සින් ශූරතාව ද ඔහු දිනා ගනු ලැබුවා.

බොක්සින් වළල්ලේ බිග් ජෝර්ජ් ලෙස හැදින්වූ ජෝර්ජ් ෆෝමන් 1997 වසරේදී ක්‍රීඩාවට සමුදී තිබුණා.

ෆෝර්මන්ගේ ඥාතීන් ඊයේ (21) සවස ඉන්ස්ටග්‍රෑම් සටහනකින් ඔහුගේ මරණය නිවේදනය කර සිටියා.

“අපේ හදවත් බිඳී ඇත. 2025 මාර්තු 21 වන දින ආදරණීයයන් වටකර සාමකාමීව නික්ම ගිය අපගේ ආදරණීය ජෝර්ජ් එඩ්වඩ් ෆෝමන් ජ්‍යෙෂ්ඨයාගේ අභාවය අපි දැඩි ශෝකයෙන් නිවේදනය කරමු. භක්තිමත් දේශකයෙකු, කැපවූ ස්වාමිපුරුෂයෙකු, ආදරණීය පියෙකු සහ ආඩම්බර සීයා සහ මී සීයා කෙනෙකු වූ ඔහු නොසැලෙන ඇදහිල්ල, නිහතමානීකම සහ අරමුණ මගින් සලකුණු කරන ලද ජීවිතයක් ගත කළේය,” යනුවෙන් එම නිවේදනයේ සටහන් වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *