ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මෙම ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක පුද්ගලයෙක්.
මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



















