BREAKING NEWS
Search

ශාන් පුතා ගැන දැන් ලැබුණු ආරංචිය මෙන්න…

32
මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තාට ඇප ලබා දී තිබෙනවා.
රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත ඔහුව සහ ඔහුගේ කළමනාකරුව නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි පසුගිය 14 වැනිදා ඔහුව මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගත්තා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දී තිබුණා.

කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලැබීමෙන් ගිය පසුවයි මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ අනුවයි මොවුන්ව අත් අඩංගුවට ගෙන තිබෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *