BREAKING NEWS
Search

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ඉල්ලා අස් වුයේ ඇයි ? මෙන්න හේතුව

43
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි වාර්තා වෙන්නේ.

පසුගිය දෙසැම්බර් 16වැනිදා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.

ඊට අදාළ ලිපිය ද ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන බුද්ධික මනතුංග පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකු, විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු සහ විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක්.

ඔහු 2014.01.01 දින සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වූ අතර 2020.01.01 දින පොලිස් අධිකාරී තනතුරට සහ 2024.01.01 දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලැබුවා.

ඔහු දේශීයව මෙන්ම රුසියාව, තායිලන්තය, පිලිපීනය සහ කාම්බෝජය වැනි විදේශ රටවල පොලිස් සේවයට අදාළ පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති අතර මහනුවර සහ ත්‍රිකුණාමලය කොට්ඨාශවල සේවය කිරීමෙන් පසු මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ, පොලිස් මාධ්‍ය අංශයේ සහ මහජන සම්බන්ධතා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ, නීති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ කන්තලේ කොට්ඨාශ භාර නිලධාරි ලෙස සේවය කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *