BREAKING NEWS
Search

තමන්ගේම අම්මාට සහාසික අපරාධයක් කල පුතා

36
මේ කියන්න හදන්නේ හද රිදවන කතාවක්…
තමන්ව ලේ කිරි කරලා හදපු අම්මාට මෙහෙම දෙයක් කරන්න හිත හදාගත්තේ කොහොමද? මේ කතාව ඇහුවාම ඔබටත් එහෙම හිතේවී… මේ අවාසනාවන්ත පුවත ආරංචි වෙන්නේ දෙමටගොඩ ප්‍රදේශයෙන්…

අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටින පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ලබාගැනීමට මවගෙන් මුදල් ඉල්ලා එය ලබා නොදීම හේතුවෙන් ඇයට පහරදී ඝාතනය කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙමටගොඩ – ආරාම පෙදෙසේ පදිංචිව සිටි 68 හැවිරිදි මවක්. මියගිය මව සහ පුත්‍රයා මෙන්ම ඇයගේ වැඩිමහල් සහෝදරිය ද එකට නිවසේ ජීවත්ව තිබෙනවා.

මියගිය කාන්තාවගේ පුත්‍රයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බවත් ඒ හේතුවෙන් ඔවුන් අතර නිතර ආරවුල් ඇතිව තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙක් 46 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *