රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඇල්ල පුංචි ශ්‍රී පාදයේ සංචාරය කළ අවුරුදු 64ක් වූ ප්‍රංශ ජාතික කාන්තාවක් ප්‍රපාතයෙන් පහළට ඇද වැටී තිබේ.
අනතුරින් ඇගේ හිසට සහ පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇතැයි අප වාර්තාකරු පැවසීය.
ඊයේ (19) සවස අනතුර සිදුව තිබුණේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයකදී වන අතර, Flying Rawana සේවකයින් විසින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටි ස්ථානය සෝදිසි කර පසුව ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇයව ගොඩට ගෙනැවිත් තිබුණි.
මේ වනවිට අදාළ විදෙස් කත දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

















