BREAKING NEWS
Search

මේක පාසල් ප්‍රේමයක්. වෙන්නප්පුව තරුණියගේ ඝාතනය ගැන ඇසෙන ඇඟ සලිත කරන කතාව මෙන්න..

35

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ සිද්ධිය ගැන තවමත් බොහෝ දෙනා ඉන්නේ කම්පනයෙන්.. තමන් ආදරය කරන ඇයට ඔහු මේ වගේ දෙයක් කළේ කොහොමද..?
ඒ විතරක් නෙවෙයි, ඇගේ ජීවිතය උදුරාගන්න තරම් ඇය ඔහුට කෙරුව වරද මොකක්ද..? කතාව කොහොම වුණත්, විමල්කා නැවතත් අප අතරට එන්නේ නැහැ..

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළදී සිය පෙම්වතා විසින් පිහියකින් ඇන තරුණියක ඝාතනය කළ තරුණිය වන්නේ ඇයයි.. තවමත් 21 හැවිරිදි වියේ පසුවෙන විමල්කා තුෂාංගි සිල්වා පෙරේදා පස්වරුවේ ඇගේ පෙම්වතා අතින් ඝාතනය වෙනවා..

දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පෙම්වතා සිය පෙම්වතියට ඇයගේ නිවස තුළදීම මෙසේ ඇයට පිහියකින් ඇන තිබුණා.. පෙම් පලහිලව්ව දුරදිග ගිහින් පෙම්වතා පෙම්වතියගේ හයපොළකට පිහියෙන් ඇන ඇති බවයි පොලීසිය පවසන්නේ.. පපු ප්‍රදේශයට දරුණු පිහි ප්‍රහාර කීපයක් එල්ල වී ඇති අතර, ඇයව මීගමුව රෝහලට ගෙනයන අතරතුර මියගොස් තිබෙනවා..

තරුණිය ඝාතනය කළ තරුණයා මාරවිල ගොඩවෙල මංසන්ධිය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු ද 21 වැනි වියේ පසුවන බවටයි වාර්තා වෙන්නේ.. පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු ඔහු නීතිඥයකු මාර්ගයෙන් වෙන්නප්පුව පොලිසියට භාර වී තිබුණා…

පාසල් වියේ සිට දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යන බවත්, මෑත කාලයේ සිට මියගිය තරුණිය වෙනත් අයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවට සැක සිතමින් නිරන්තරයෙන් දෙදෙනා අතර මත ගැටුම් ඇති වී ඇති අතර, සිද්ධිය වූදා ඇය සිය වැඩිමහල් සොයුරිය සේවය කරන පෙර පාසලට ගොස් පැමිණ සුළු වේලාවකින් පසු තරුණයා යතුරුපැදියකින් ඇයගේ නිවසට පැමිණ තිබුණු බවයි දැනගන්නට ලැබෙන්නේ..

පසුව මෙම ප්‍රේම සම්බන්ධය නතර කරන මෙන් ඇයට තර්ජනය කර ගෙල ප්‍රදේශයෙන් අල්ලාගෙන සිටින අවස්ථාවේ සොයුරිය පැන ඔහුව අල්ලා ගැනීමට තැත් කරද්දී, පිහියකින් පෙම්වතියගේ අත් ප්‍රදේශයට සහ පපුවට දරුණු පිහි ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *