ඒ නිසාම ඔහුගේ නික්මයාම ගැන අද වෙනකොට මුහුණුපොතේ බොහෝ දෙනා කතා කරනවා..
විශ්වවිද්‍යාල සිසු දරුවන් දහස් ගණනකගේ නැණස පාදා ඇති ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත , මියයන විට කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා..
දරුවන් දහස් ගණනකට සිප් සතර ලබාදෙන්නට වෙර දුන් ආචාර්ය ගයන්තගේ වියෝවය ගැන සැලවූ වහාම බොහෝ දෙනෙක් මුහුණුපොතේ තබා තිබූ ඒ සටහන්වලින් පැහැදිලි වන්නේද, ඔහු තුළ පැවති මහත්මා ගුණයයි..





























