BREAKING NEWS
Search

විභාග ශාලාධිපති වෑන් රියට බිලි

32

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.  

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව, විහාරගල පදිංචි රුවන්පතිරණ ගේ පියසේන නමැති 58 හැවිරිදි සූරියවැව වීරියගම කණිටු විදුහලේ විදුහල්පතිවරයා ය .

ජීවිතක්ෂයට පත් විදුහල්පතිවරයාගේ දේහය තිස්සමහාරාම දෙබරවැව රෝහලේ තැන්පත් කර තිබේ.

තිස්සමහාරාම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *