යල කන්නයේදී කුඹුරු ඉඩම්වල වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැඟින් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා මෙම මුදල් ලබාදෙන බවයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කලා.
කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා ලබාදීමට තීරණය කර ඇති බවත් ඔහු පවසනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, 2025 යල කන්නයේ කුඹුරු ඉඩම්වල වී වගා කරනු ලබන ගොවීන්හට සහ කුඹුරු ඉඩම්වල වෙනත් ක්ෂේත්‍ර භෝග වගා කරනු ලබන ගොවීන්හට පහත සඳහන් පරිදි පොහොර මූල්‍ය සහනාධාර ලබා දීමට අනුමැතිය ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කළ බවයි ඔහු පවසන්නේ.



















