නුවරඑලිය රෝහලේ බීමතින් කලහකාරී ලෙස හැසිරුණු හිටපු මේජර්වරයා

193

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරී රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙකු නුවරඑලිය පොලිසිය විසින් අද (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගතකිරිම සඳහා නුවරඑලිය ප්‍රදේශයට පැමිණ බිමත්ව බිම වැටි සිටියදී තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි අවස්ථාවේ උඩුකය නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න විසින් නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන රෝහල තුලදීම ප්‍රතිකාර ලබාදීමට නුවරඑලිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්නගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ බීමත්ව බිම වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුලත් කිරිමේදි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමග බහින් බස් විමක් සිදු වි ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය තමන්ටද මේජර්වරයා පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.

අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *