හිතාගන්නවත් බැරි විදිහට භාණ්ඩ රැසක මිල පහලට

35
ඉදිරියේදී එළඹෙන්නේ ටිකක් විශේෂ කාලසීමාවක්.. ඉතින් ඒ නිසා අතේ ඇති මුදලට ලේසියෙන්  පහසුවෙන් ගණන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වේවි..
මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්..

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 08කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277ක් ද, රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279ක් ද, පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162ක් ද වෙනවා…

එමෙන්ම ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490ක් ද, අර්තාපල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 13කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185ක් ද, සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750ක් ලෙසයි නව මිල ගණන් සඳහන් වෙන්නේ…

තවද, ලොකු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160ක් සහ සුදු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 575ක් ද වෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *