BREAKING NEWS
Search

ප්‍රකට රංගන ශිල්පිනියක් දිවි රඟමඬලට සමුදෙයි…

77

ප්‍රකට රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිණියක්ව කටයුතු කළ අකුෂ්ලා සෙල්ලයා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ ඇය අභාවප්‍රාප්තවන විට 67 වැනි වියේ පසු වුණා.

1978 වසරේ “Slave Of the Cannibal God” නම් ඉතාලි සිනමා පටයක් හරහා සිනමාවට පිවිසි ඇය දෙස් විදෙස් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

ඒ අතර 1978 වසරේ තිරගත වූ “Rampage” චිත්‍රපටය, 1981 වසරේ තිරගත වූ “Tarzan the Ape Man” හොලිවුඩ් චිත්‍රපටය මෙන්ම 1981 වසරේ “තවලම” චිත්‍රපටය එම වසරේම “බාඳුරා මල්” චිත්‍රපටය, 1982 වසරේ “රෑ මනමාලි” චිත්‍රපටය සහ 1983 වසරේ “හිතත් හොඳයි වැඩත් හොඳයි” චිත්‍රපටය ඇතුළු සිනමා නිර්මාණ රැසකට ඇය රංගනයෙන් දායක වුණා.

මේ අතර 1985 වසරේ “චාර්ල්ස් ඒන්ජල්ස්” චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණයක් ලෙස තිරගත වූ “සුර දූතියෝ” චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය සිය රංගන ජීවිතයේ ඉහළම ජනප්‍රසාදයක් ලබා ගැනීමට සමත් වුණා.

තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක්ද ආරම්භ කළ අකුෂ්ලා, ජාත්‍යන්තර මට්ටමේ ජනප්‍රිය රංගන ශිල්පිණියක සේම නිරූපණ ශිල්පිණියෙකු වශයෙන්ද ජනාදරයට පත් වුණා.

සුර දූතියෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් අකුෂ්ලා සෙල්ලයා අභාවප්‍රාප්ත  වෙයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *