BREAKING NEWS
Search

තුවාල වෙච්ච කට්ටිය දිහා කවුරුත් බැලුවේ නෑ. 13ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර

38
ආරච්චිකට්ටුව – පයිනැබේ පාලම අසල බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන් මූන්දලම සහ හලාවත දිස්ත්‍රික් රෝහල් වෙත යොමු කර තිබෙන අතර, කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතර බස් රථයේ රියදුරු, රියදුරු සහයක සහ බස් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයන් 08 ක් සහ කාන්තාවන් තුන්දෙනෙකු වනවා.

නිකවැරටියේ සිට කොළඹ දක්වා ධාවනය වූ අදාළ බස් රථයේ ඉදිරි දුනුකොළ කැඩී යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වෙළදසැලක හා ගසක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *