BREAKING NEWS
Search

සුනඛයෙක් මිනිසකුට වෙඩි තබයි

48

බල්ලකු මිනිසකු සපා කෑම ප්‍රවෘත්තියක් නොවුණ ද ඇමරිකාවේ ටෙනසි හි බල්ලකු මිනිසකුට වෙඩි තැබූ පුවත මේ වන විට ලොව පුරා ප්‍රචාරය වී තිබේ.

ඇමරිකානුවකු සිය යෙහෙළිය සමග නිදා සිටින විට ඔහුගේ සුරතල් බල්ලා ඇඳට පැන දඟලන්නට වූ අතර ඒ අවස්ථාවේ ඇඳේ තිබූ තුවක්කුවේ කොකා ගස්සන තැනට බල්ලාගේ එක් කකුලක් සිර විය. ඒ අවස්ථාවේ බල්ලා කකුල ගස්සන විට එහි උණ්ඩයක් නිකුත් වී නිදා සිටි පුද්ගලයාගේ කලවා පසාරු කරගෙන ගොස් ඇත. මෙය සිදුව ඇත්තේ පාන්දර හතරට පමණය.

මේ බල්ලා පිට් බුල් වර්ගයේ අවුරුද්දක් වයසැති එකෙකි. තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ.

ෆොක්ස් 13 ප්‍රවෘත්ති නාලිකාව සමග අදහස් දැක්වූ නිවසේ සිටි කාන්තාව පවසා ඇත්තේ, ඔරියෝ නමැති මේ බල්ලා ඉතා සෙල්ලක්කාර බල්ලෙක් බවත්, ඔහු ඒ වගේ දේවල් කරන්න කැමති අතර මෙය ඉතා ඉක්මනින්ම සිදු වූ බවත්ය. මෙම සිද්ධිය ඉකුත් සඳුදා අලුයම සිදුව තිබේ.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *